අනේ මමත් ඔය වැඩේට අහුවනානේ. ("Me Too, Me Too". movement) සහ ලංකාවෙ සමාජ මාධ්‍ය හසිරීම.
අනේ මමත් ඔය වැඩේට අහුවුනානේ ("Me Too, MeToo" Movement)සහ ලංකාවෙ සමාජ මධ්‍ය හැසිරීම.
ගෙවීගිය සති දෙකතුන ඇතුළත අපේ රටේ සමාජ මාධ්‍ය පිරී ඉතිරි ගියේ ලංකාවේ භික්ෂුන්වහන්සේලා සම්බන්ද ළමා අපචාර සිදුවීම්වලිනි. ළමා අපචාරයක් කන වැකුණු සැනින් වගකීම් සහිත පුරවැසියෙකුට ඇතිවෙන්නේ කෝපයෙන් ඇළලී යන ජුගුප්සා ජනක හැගීමකි. එය අසාමාන්‍ය තත්වයක් නොව සාමාන්‍ය ස්වාභාවයයි. ළමා පරපුර යනු රටේ අනාගතයයි. වින්දිත දරුවකුගේ බුද්ධි වර්ධනයේ බොහෝ සංකූලතා ඇතිවන බව විද්‍යාත්මක මතයයි. දිගුකාලීන මානසික රෝගවල වින්දිතයන් බවට පත්වන්නේ වැඩිහිටියන් ඇතින් කෙලසීමට ලක් වූ දරුවන්ය. අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් විශාදය සාංකාව සහ පශ්චාත් කම්පන ආතතිය ( Post Traumatic Stress Disorder) වැනි අනේකවිධ මානසික රෝගයන්ගෙන් පෙළෙන්නන් බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. 21වන සියවසේ ජීවත්වන අපි ලෝකය ජයගැනිමට නම් විද්‍යාව සහ තාක්ෂණයෙන් ළමා පරපුර සන්නද්ධ කලයුතුය. ශාරීරික සහ මානසික සමබරතාවය එහිදී අත්‍යාවශ්‍ය අංගයක් වේ. දරුවාගේ ශාරිරික සහ මානසික සමබරතාවය පවත්වාගෙන යාමේදී රජයකට පැවරෙන වගකීම සුළුපටු නොවේ. අනේකවිධ මනෝ ව්‍යාදින්ගෙන් පෙළෙන වැඩිහිටියන්ගෙන් දරුපරපුර මුදවා ගැනීම ප්‍රමුඛතාවය දියයුතු කාර්යයක්. අවුරුදු තිහක යුද්ධයකට මැදි වී සිටි තරුනයෝ දැන් වැඩිහිටියෝ වෙති. යුද්ධයෙන් පසු ඔවුන්ව පුනරුත්ථාපන කිරීම රජයෙ වගකීමක්. එහෙත් එවැන්නක් ලංකාවේ කවදාවත් සිදුවූයේ නැත. රණවිරුවෝ යන නාම කරණයෙන් හදුන්වන ඔවුන් පශ්චාත් කම්පන ආතතියෙන් පෙළෙන්නන් නොවේ යයි කිවහැක්කේ කාටද?.
භික්ෂුන් වහන්සේලා අපි හදුන්වන්නේ " ජාතියේ මුරදේවතාවෝ" යන අන්වර්ථ නාමයෙනි. උන්වහන්සේලා අපේ උරුමය රැක ගැනීමත් දියුනුකිරීමත් අරබයා අතිතයේ සිටම ප්‍රමුඛත්වය ගත්හ.උන්වහන්සේ නීතිය සහ අර්ථය ගැන රජුන්ට අනුසාසනා කළහ.මිනිසුන්ට භාෂා ශාස්ත්‍ර ඉහැන්වූහ. ගද්‍ය පද්‍ය ග්‍රන්ත රචනා කලහ. සදාචාරය මිනිසුන්ට ඉගැන්වූයේ උන්වහන්සේලා විසිනි.. ජාතික ආපදාවක් පැමිනි ඕනෑම මොහොතක පෙරමුන ගත්තේ උන්වහන්සේලාය. පසුගිය සියවසේ ජාතියට නායකත්‍වය දුන් භික්ෂූන් අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල, පැළැනේ සිරි වජිරඥාණ,වැලිවිටියේ සෝරත,පොල්වත්තේ බුද්ධදත්ත සහ හේන්පිටගෙදර ඥාණසීහ නාහිමිවරු ප්‍රමුඛ වූහ. (මෙහි සදහන් කලේ මගේ මතකයට ආ ඉතා සුළු පිරිසකගේ නම් පමනි). මේකී භික්ෂූන් විවිධ සමයාන්තරයන්හි මෙන්ම භාෂා ශාස්ත්‍ර කලාවන්හි හසළ දැනුමක් තිබු ජනතාවගේ නැණස පෑදු පඩිවරු වූහ. ඓතිසාසිකව ගත්කළ භික්ෂුවගේ සමාජ වගකීම අගය කලයුත්තකි. උන්වහසේලා අංජළිකරණිය වූහ.. එහෙත් පසුගිය දවස්වල භික්ෂූන්වහන්සේලා ගැන අහන්නට ලැබුනේ සිත සුවපත් කරවන පුවත් නොවේ. භික්ෂුන්වහන්සේලා 300 කට ආසන්න ප්‍රමානයක් පසුගිය වසර තුන ඇතුළතදී පමනක් ළමා ළිංගික අපචාරවල චූදිතයන් හෝ වැරදි කරුවන් වූ බැව් ළමා ආරක්ෂක අධිකාරයේ වාර්තාවකින් පෙන්වා දෙනවා.
ගෙවීගිය සති කීපය ඇතුළත වැඩියෙන්ම සමාජ මාධ්‍ය කැළඹිමට ලක්වුනේ පල්ලේගම හාමුදුරුවන්ගේ ලිංගික අපයෝජන සිද්ධියයි. ඒත් එක්කම තවත් ළමා අපචාර සිදුවීම් ගනනාවකින් දවසින් දවස සතියෙන් සතිය සමාජ මාඪ්‍ය ජාලා පිරී ඉතිරි ගියේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගලෙන්බිදුනුවැව, සිවලාකුලම ප්‍රදේශයේ ශ්‍රී සීවලි චෛත්‍යරාමාධිපති 40 හැවිරිදි පොල්ගම්පොල ධම්මාලොක හිමියෝ අවුරුදු 10 බාල වයස්කාර දරුවෙකුට බරපතළ ළිංගික අපචාර කිරීම සම්බන්දයෙන් වැරදිකරු වී අවුරුදු 24 කට සිරදඩුවම් ලැබුනි. තවද 2016 මැයි මාසයේදී අනුරාධපුර ප්‍රදේශයේම හබ්බේගමුවේ චන්දානන්ද හිමිට අවුරුදු 7ක සිරදඩුවමක් නියමවූයේ දිනකට පෙර පවිදි වීමට පැමිනි 14 හැවිරිදි බාල වයස්කාර දරුවෙකු ලිංගිකව අපහරනය කිරීම සම්බන්දයෙනි. 65 වියති මුල්ලේරියාවේ විමල තිස්ස හාමුදුරුවෝ තඹුත්තේගම තළාකොලවැවේ ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමයේ විහාරාධිපති වහන්සේයි. 2022 වසරේ මැයි මාසයේ අවුරුදු 14 ක බාලවයස්කාර දරුවෙකුට කරන ලද ලිංගික අපයෝජනවලට අවුරුදු 30 හිරදඩුවමක් ලැබුනේය. බලංගොඩ, පින්නවල,උයන්හේන සිරිශීල සේනාසනයේ විහාරාධිපතිනි නවනැලියේ සුබෝධි හෙවත් ත්‍රිපිටක මෑනියෝ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සිල් මෑනියෝ තම පා සෙවනේ හැදෙන වැඩෙන සිල්මාතාවන් බවට පත් වූ බාලාවයස්කර දැරියෝ තම පැරණි පෙම්වතාට දන් දීම පිළිබද සිදුවීම හද සසල කරවන්නකි. ලංකාවේ සමාජයත් ආගමික සංස්ථාවනුත් මෙලෙස ළමා අපචාර සහ කාම අපරාධවලට කෙළිමඩලක් වූයේ කෙසේද? අපට සිද්ධවූයේ කුමද්දැයි නැවත සිතා බැලීමට භික්ෂුන් උගතුන් බුද්ධිමතුන් කළාකරුවන් සමාජ ක්‍රියාකාරිකයින් යනාදින් එකතුව නව මානයක කතිකාවතක් ආරම්බ කල යුතුව තිබේ. මගේ විශ්වාශය අනුව ආගමික සංස්තාවල යල්පැන ගිය පැරණී ආකෘතින් වෙනුවට නව ආකෘතීන් ආදේශ කලයුතුයි. පැරණි ආකෘතීන් තව දුරටත් භික්ෂුවගේ ප්‍රගමනයට කිසිසේත්ම ඉවහල් නොවේ. පැරණි ආකෘතිය නිසර්ගයෙන්ම අපයෝජනයට සහ සූරාකැමට අවශ්‍ය පරිසරය නිර්මානය කරන්නේය. ආකෘතිය යනුවෙන් මා මෙහිදී අදහස් කරන්නේ දේපොළ මත පදනම් පවත්වාගෙන යන ආගමික ආයතන සමූහයයි. මේහි ආකෘතියත් බුදුන්ගේ දේශනාත් අතර ඇත්තේ අහසට පොළොව වගෙ වෙනසකි. අත්හැරීම වෙනුවට අත්පත්කර ගැනීම. මේ අන්ත දෙක එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. "යාදෙක නොරත රත". සංඝාධිකරන පනත, ධර්ම සංඝායනා සහ විහාර දේවාළ ගම් පනත අහෝසි කිරීම වැනි සාකච්ඡා හුදු සම්ප්‍රපප්‍රළාප පමනි . එසේ වු පමනින් ශාසනය
පිරිසිදු වන්නේවත් භික්ෂුන් සිල්වත් වන්නේවත් නැත. ටික කළකට මෙවැනි අපචාර සිදුවීම් යටපත් වීමට ඉඩ තිබේ . ඒවා නැවත ඉස්මතුවීම නොවැල්විය හැක්කකි.
මෛතුනධම්ම සේවනය භික්ෂුන්ට අකැපය යන්න බුද්ධ ආඥාවයි. ලිංගිකත්වය තහනම් වූ ඕනෑම සමාජයක ඒ ලිංගික ආවේග වෙනස් වේශයකින් සමාජය මත මුදා හරිනවා. මනුෂ්‍යායා කෙරෙහි පවත්නා ආශාවන් අතරින් වඩාත්ම ප්‍රබල කාමාශාවයි. මානව පරිනාමයේ දී මෙය අපට ලැබුනු උරුමයකි. සතුන් ලිංගිකව හැසිරෙන්නේ වසරේ යම් නිශ්චිත කාලයක් තුලදී පමනි. එහෙත් මිනිසාගේ මනස දිගුකාලයක් තිස්සේ පරිනාමයට භාජනය වූ නිසා ලිංගිකත්වයට කාලසීමාවක් නැත. බුදුන්ගේ අනුශාසනාව කාමාශාව යටපත් කිරිම නොව විදර්ශනා ප්‍රඥාෙවන් ප්‍රහානය කිරීම හෙවත් මුලිනුපුටා දැමීමයි.
කෙසේවෙතත් පසුගිය මාස දෙකක් පමන කාලය ඇතුලත භික්ෂු ලමා අපචාරවලින් සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගියබැව් කවුරුත් දන්නා කරුණකි. ඇතැම් භික්ෂූන් හා ගිහියන් මෙය ශාසන විරෝධි වැඩක් ලෙස තර්ක කරන්න පුළුවන්. එහෙත් සමාජය අවදිකිරීමටත්, නව නීතී රීතී හදුන්වාදීමටත්, අළුත් කතාබහක් සමාජය තුළ ගොඩනැගීමේ අටියෙන් සමාජ මාද්‍ය කල මෙහෙය අගය කල යුත්තකි. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය මේ සිදුවීම් සම්බන්දයෙන් නොඇසූ කන් ඇතුව සිටි බැව් ප්‍රසිද්ධ රහසකි.
2017 වසරේ අමෙරිකාවේ කරළියට පැමිනි " මී ටූ, මී ටූ" ( Mee too, Me Too) ව්‍යාපාරය හරහා වැඩපොලේදී කාන්තාවන්ට සිදු වූ අඩන්තේට්ටන් සහ ලිංගික අපචාර අවම කරගැනීමටත් සමාජ කතිකාවතක් ඇතිකර ගැනීමටත් අවසානයේදී නව නීති හදුන්වාදීමටත් සමාජ මාධ්‍ය මහත් වැඩකොටසක් ඉටුකලේය. 2017 වසරේ හොලිවූඩ් නිළියක වූ අලයිසා මිලානෝ (Alyssa Milano), ජනප්‍රිය චිත්‍රපට නිශ්පාදකයකු වන හාර්වි වයින්ස්ටයින් (Harvey Weinstein) විසින් කරණ ලද ලිංගික අපයෝජනය ඇයගේ ට්වටර් ( Twitter) ගිනුමේ ප්‍රසිද්ධ කලාය. මෙය සමාජ මාධ්‍ය තුල ගින්නක් මෙන් ඇවිලී ගියේය. වයින්ස්ටයින්ගෙන් අතවරයට ලක් වූ බොහෝ දේනා ඉදිරියට පැමින ඔවුන්ට සිදු වූ අතවරද හෙළිකලාය. මීට අමතරව ඇමෙරිකාවේ කාන්තාවන් තමන්ට වැඩපොලේදී මුණපාන්නට සිදු වූ ලිංගික අතවර ගැනත් සමාජ මාධ්‍යයේ හෙළිකලහ. මේ හෙළිදරව් නිසා වයින්ස්ටයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා . 2020 දි නිව්යෝක් අධිකරනයෙන් ඔහු වැරදි කරු බවට පත් වි අවුරුදු 24 ක හිරදඩුවමක් ලැබෙනවා. අභියාචනකින් පසුව 2024 වසරේ දි ලොස්ඇන්ගලිස් අදිකරණයෙන් ඔහුට ඇවුරුදු 16 හිරදඩුවමක් ළබෙනවා. 'මී ටූ මී ටු' 2017 කරළිය ට ආවත් එහි ආරම්භය සිදුවන්නේ මීට දශකයට පෙරාතුවය. ඒ තරන බර්ක් (Tarana Burke) කියන කළු ජාතික කාන්තාව, ඇයට තරුණ කාලයේදී පාසැලේදිත් වැඩපොලේදිත් අත්විදින්නට සිදු වූ ලිංගික අඩන්තේට්ටම් වලට එරෙහිව සටන් කිරීම සදහා මිතුරියන් කීප දෙනෙකු සමග පටන් ගත් ව්‍යාපාරයයි. "මී ටූ මී ටූ " ඇමෙරිකාවට පමනක් සීමා නොවුනි. සමාජ මාධ්‍ය හරහා යුරෝපයෙත් තවත් බොහෝ රටවලත් මෙය වයිරල් වී ගියේය. මේ නිසාම ඇමෙරිකාවේ කාන්තා හිංසනය සම්බන්ද නව නිතී හදුන්වා දුන්නේය. මේ අතර (Statues of Limitations) හෙවත් ලිංගික අඩන්තේට්ටන් සම්බන්දයෙන් නීතිමය පියවර ගැනීමට යම් කාලසිමාවක් නියම වී තිබුනි. "මී ටූ මී ටූ" ව්‍යාපාරයෙන් දුන් තෙරපුන නිසා එකී කාල සීමාව අහෝසි කලේය.
ඒ අනුව බලනවිට ලංකාවෙ සමාජ මාධ්‍ය කලේ ඇමෙරිකාවෙ ( Mee Too, Mee Too ) ව්‍යාපාරය දුන් සටනට සමාන සටනකි. ඒ නිසා අපගේ උත්තමාචාරය එකී යූ ටියුබ් මෙහෙයවන්නන්ට සහ ඔවුන්ගේ මාධ්‍යා සගයන්ට අපගේ ප්‍රනාමය හිමිවිය යුතුය. ඔවුන්ගේ සටන ඉදිරියටත් කරගෙන යාමට ධෛර්ය ලැබේවා.
Comments
Post a Comment