Posts

අනේ මමත් ඔය වැඩේට අහුවනානේ. ("Me Too, Me Too". movement) සහ ලංකාවෙ සමාජ මාධ්‍ය හසිරීම.

 අනේ මමත් ඔය වැඩේට අහුවුනානේ ("Me Too, MeToo" Movement)සහ ලංකාවෙ සමාජ මධ්‍ය හැසිරීම.  ගෙවීගිය සති දෙකතුන ඇතුළත අපේ රටේ සමාජ මාධ්‍ය පිරී ඉතිරි ගියේ ලංකාවේ භික්ෂුන්වහන්සේලා සම්බන්ද ළමා අපචාර සිදුවීම්වලිනි. ළමා අපචාරයක් කන වැකුණු සැනින් වගකීම් සහිත පුරවැසියෙකුට  ඇතිවෙන්නේ කෝපයෙන් ඇළලී යන ජුගුප්සා ජනක හැගීමකි. එය අසාමාන්‍ය තත්වයක් නොව සාමාන්‍ය ස්වාභාවයයි. ළමා පරපුර යනු රටේ අනාගතයයි. වින්දිත දරුවකුගේ බුද්ධි වර්ධනයේ  බොහෝ සංකූලතා ඇතිවන බව විද්‍යාත්මක මතයයි. දිගුකාලීන මානසික රෝගවල වින්දිතයන් බවට පත්වන්නේ වැඩිහිටියන්  ඇතින් කෙලසීමට ලක් වූ දරුවන්​ය. අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් විශාදය සාංකාව සහ පශ්චාත් කම්පන ආතතිය ( Post Traumatic Stress Disorder) වැනි  අනේකවිධ  මානසික රෝගයන්ගෙන් පෙළෙන්නන් බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. 21වන සියවසේ ජීවත්වන අපි ලෝකය ජයගැනිමට නම් විද්‍යාව සහ තාක්ෂණයෙන් ළමා පරපුර සන්නද්ධ කලයුතුය. ශාරීරික සහ මානසික සමබරතාවය එහිදී අත්‍යාවශ්‍ය අංගයක් වේ. දරුවාගේ ශාරිරික සහ මානසික සමබරතාවය පවත්වාගෙන යාමේදී රජයකට පැවරෙන වගකීම සුළුපටු නොවේ. අනේකවිධ මනෝ ව්‍ය...
Image
අටමස්ථානයේ‍ කළු ආර්ථිකය සහ භික්ෂු ව​ංශ​ය The Deep Black Economy of Sacred City and Buddhist Monks  මහා විහාරය මිහිදු හාමුදුරුවෝ ලංකාවට බුදුහම අරන් එන්නේ කි:පූ 3 වන ශත වර්ශයේ තිස්ස රජුගේ කාළයේදි. මේ වනවිටත් මෞර්ය වංශික අශෝක අසල්වැසි බොහෝ රාජ්‍යයන් ආක්‍රමය කොට තිබුනි. කාළිංග යුද්ධයෙන්(වර්තමාන ඔරිස්සා ප්‍රන්තය) ඇතිවූ දැවැන්ත විනාශයත් මිනිස් ඝාතනත් පිළිබදව තිස්ස රජතුමා දැනගෙන සිටි බැව් ඇත​ම් ඉතිහාසඥයන්ගේ මතයයි. තිස්ස රජුත් අශෝක රජුත් නොදුටු මිතුරන් බැව් කියවේ. ඒ නිසා රජුගේ බෑනණූ වූ අරිට්ඨ කුමාරයා සමග දූත පිරිසක් දඹකොළපටුනින් ( යාපනයේ සම්බුතුරේ අසල, දැන් මාදගල් )ඉන්දියාවේ පාටලී පුත්‍ර නගරයට යවනවා. ඔවුන් යන්නේ අශෝකට විශාළ තැගී බෝගත් අරගෙනයි. ඔවුන් ආපසු එන්නේ මාස හතකට පස්සේ.ආපහු එනකොටත් අශෝක රජ්ජුරුවෝ තම නොදුටු අසල්වැසි මිත්‍රයාට බොහෝ තැගි බෝග දෙනවා . ඒ අතර තිස්ස රජුට නැවත අභිෂේක කරන්න අවශ්‍ය බ්ඩු බාහිරාදිය ලබා දෙනවා. මේ නිසා අශෝකගේ බලපරාක්‍රමය පිළිබද තිස්ස රජුට අවබෝධයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. මේ සම්බන්දය නිසා මිහිදු හාමුදුරුවන්ට රජතුමා බුද්දාගම් කාරයෙක් කරන එක මහ ලොකු වැඩ...