අටමස්ථානයේ කළු ආර්ථිකය සහ භික්ෂු වංශය
The Deep Black Economy of Sacred City and Buddhist Monks
මහා විහාරය
මිහිදු හාමුදුරුවෝ ලංකාවට බුදුහම අරන් එන්නේ කි:පූ 3 වන ශත වර්ශයේ තිස්ස රජුගේ කාළයේදි. මේ වනවිටත් මෞර්ය වංශික අශෝක අසල්වැසි බොහෝ රාජ්‍යයන් ආක්‍රමය කොට තිබුනි. කාළිංග යුද්ධයෙන්(වර්තමාන ඔරිස්සා ප්‍රන්තය) ඇතිවූ දැවැන්ත විනාශයත් මිනිස් ඝාතනත් පිළිබදව තිස්ස රජතුමා දැනගෙන සිටි බැව් ඇතම් ඉතිහාසඥයන්ගේ මතයයි. තිස්ස රජුත් අශෝක රජුත් නොදුටු මිතුරන් බැව් කියවේ. ඒ නිසා රජුගේ බෑනණූ වූ අරිට්ඨ කුමාරයා සමග දූත පිරිසක් දඹකොළපටුනින් ( යාපනයේ සම්බුතුරේ අසල, දැන් මාදගල් )ඉන්දියාවේ පාටලී පුත්‍ර නගරයට යවනවා. ඔවුන් යන්නේ අශෝකට විශාළ තැගී බෝගත් අරගෙනයි. ඔවුන් ආපසු එන්නේ මාස හතකට පස්සේ.ආපහු එනකොටත් අශෝක රජ්ජුරුවෝ තම නොදුටු අසල්වැසි මිත්‍රයාට බොහෝ තැගි බෝග දෙනවා . ඒ අතර තිස්ස රජුට නැවත අභිෂේක කරන්න අවශ්‍ය බ්ඩු බාහිරාදිය ලබා දෙනවා. මේ නිසා අශෝකගේ බලපරාක්‍රමය පිළිබද තිස්ස රජුට අවබෝධයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. මේ සම්බන්දය නිසා මිහිදු හාමුදුරුවන්ට රජතුමා බුද්දාගම් කාරයෙක් කරන එක මහ ලොකු වැඩක් නොවෙන්නට ඇත. මේ සිදුවීමෙන් පසු රජතුමා මිහිදු හාමුදුරුවෝත් කැදවාගෙන අනුරදපුරයට පැමිනියහ. එහිදී තිස්ස රජුගේ සහෝදරයෝ කීප දෙනෙකුත් සමග තිස්සගෙ බැනා වූ අරිට්ඨ කුමරයාද ඇතුළු විශාල පිරිසක් පැවිදි වූහ. මේ නවක භික්ෂුන්ට නවාතැන් ගැනිම සදහා මුටසිව රජු විසින් කරන ලද ( තිස්සගේ පියා) මහාමේඝවන හෙවත් මහ මෙව්නා උයන මිහිදු හිමියන්ට පූජා කලේය. මහා විහාරයේ ආරම්භය සිදු වුයේ මෙසේය. අභයගිරි විහාරය ආරම්භ කරතෙක් ථේරවාදයේ මූලස්තානයෙ වූයේ මහා විහාරයයි. මහා විහාරය ඉතා බලවත් මධ්‍යස්තානයක් වුනේ කොහොමද? පාළි ත්‍රිපිටකය ආරක්ෂා කිරිමත් ධර්මය ඉගෙන ගැනීමත් ඉගැන්වීමත් කලේ මහා විහාර භික්ෂුන් වහන්සේලා විසිනි මේ නිසා බුදු දහමේ භාරකරිත්වය පැවරී තිබුනේ එකල මහා විහාරයටයි. මේ නිසා රජුගේ සහයෝගය ඔවුන්ට නිරායාසයෙන්ම ලැබුනි. මහා විහරයත් ඊට අනුබද්ධිත ආයතනත් නඩත්තු කිරිම ගැටළුවක් බවට පත්විය. මේ ගැටළුවට විසදුමක් ලෙස එකළ රජවරු, මැති ඇමැතිවරු ධනවතුන් විශාළ ඉඩම්, වනපත්, ගංගා ඇළදොල යනාදිය පංසල්වලට පූජා කළහ. එහි ප්‍රතිඵලය වුයේ පන්සල් සහ ආරාම ආගමික වශයෙන් පමනක් නොව ආර්තික, සාමාජීය සහ දේශපාළනික වශයෙන් ශක්තිමත් වන්නට පටන් ගත්තේය.
අභයගිරිය
වට්ටගාමිනි අභය හෙවත් වලගම්බා රාජ්‍යත්වයට පත්වන්නේ බු: ව: 439 දීය. වලගම්බා රජුගේ කාලය අභ්‍යන්තර වශයෙනුත් බාහිර වශයෙනුත් රාජ්‍යත්වයට එරෙහිව විවිධ කලකෝලාහල වලින් පිරුනු යුගයකි. ආක්‍රමිකයාට මුහුන දිය නොහැකිව වලගම්බා රජු පලා යන්නේ රජුගේ සහෝදරයාගෙ බිසව වු අනුලා දේවිත්, ඔහුගේ බිසව වූ සෝමා දේවියත් ඇතුළු පිරිසක් සමගයි. රජු පලායනු දුටු ගිරි ආශ්‍රමයේ නිගණ්ටයා " මහා කළු සිංහලයා පලා යති" යි අවඥාවෙන් කෑ ගැසිය. සැගවී සිටින කාලයෙ සෙවනැල්ලක් මෙන් සිටියෙ මහා තිස්ස තෙරුන් වහන්සේය. උන්වහන්සේට ලැබුනු පින්ඩපාත දානයෙන් රජුව පෝෂණය කලේය. ආක්‍රමණිකයන් පළවාහැර වලගම්බා රජු ඔටුනු පැලදීමෙන් පසු තමාට සහාය වූ සියළු දෙනාට සංග්‍රහ කලේය. විශේෂයෙන්ම මහා තිස්ස තෙරුන්ට විහාරයක් සදවා පූජාකලේය. මේ විහාරය ඉදිකලේ ගිරිනිගණ්ටයා රජුට අවඥාකල ආශ්‍රමය අසල පිහිටි පර්වතයක් සමීපයෙහිය. මේ විහාරයේ නම අභය ගිරියයි. අභයගිරියේ උපත පිළිබද මහා වංශයේ එන කතාව ඕකයි. මහා විහාරය ථේරවාදී සම්ප්‍රදාය දැඩිව අනුගමනය කල අතර අභයගිරිය මහායාන අදහස් වලටද ගරු කලේය. පාලිවලට අමතරව සංකෘත භාෂාවද මූලීකත්වයත් ලබාදුන් බව කියවේ. තන්ත්‍රයානයේ එන මතවාද වලටද අභයගිරි වාසිහු ගරු කලහ. චීනජාතික ෆාහියන් භික්ෂුව ලංකාවට ආපු කාලයේ අභයගිරියේ භික්ෂුන් දහස් ගනනක් විසූබව සදහන් කරනවා.
ජේතවනය
ජේතවන විහාර සම්ප්‍රදාය ආරම්භ වන්නේ මහසෙන් රජුගේ රාජ්‍ය සමයේදී. එනම් බු:ව 815-842 අතර කාල සීමාවයි.සංඝමිත්ත භික්ෂුව මහසෙන් රජුගේ අතිජාත මිත්‍රයෙකි.මහසෙන් රජුගේ අභිශේක මංගල්‍යය උත්සවාකාරයෙන් සංවිධානය කරේත් මේ භික්ෂුව විසිනි. සංඝමිත්ත වෛතුල්‍යවාදීන් සමගද ලග ඇසුරක් තිබුනි. සංඝමිත්තා භික්ෂුවටත් වෛතුල්‍යායවාදි භික්ෂුන්ටත් මහා විහාරය සමග තිබුනේ නොසන්සිදෙන වෛරයකි. " මහ රජතුමනි, මහාවිහාරිකයෝ අවිනයවාදියෝ,'යි රජුට කේලාම් කීහ. සංඝමිත්තගේ බස් පිළිගත් රජු මහා විහාරයට දන්දීම හා වෙනත් උපකාර කිරීම තහනම් කලේය. රාජ අණ කඩකල අයට දඩුවම් පැමිනවූහ.සංඝමිත්තගේ උපදෙස් මත මහා විහාරය සම්පූර්ණයෙන්ම විනාශකර එහි තිබූ සියළු බඩු බාහිරාදිය අභයගිරියට ගෙනගියේය. මහා විහාර භූමිය සා එහි උදු වැපීරීය. මේ සමගම මහා විහරය විනාශයේ ආරභයත් අභයගිරිය තව තවත් අලංකාරවත් වූ ප්‍රාසාදයන්ගෙන් බැබලෙන්නටත් විය .මේ අතර රජ පවුල අභ්‍යන්තරයේ මෝදුවෙමින් තිබූ ගැටුම් නිසා මහසෙන් රජුගේ භර්යාවක් වූ ලමනී ගේ රහසිගත උපදෙස් මත සංඝමිත්ත හිටිහැටියේම ඝාතනයට ලක්විය. එහෙත් සංගමිත්තා රජුගේ සිතේ රෝපණය කල වෛරය අඩු නොවීය. සංගමිත්තගෙන් පසුව,සාගලික තිස්ස තෙරුන් කෙරෙහි පහැදුනු මහසෙන් රජු උන්වහසේගේ සමග එකතු වී මහාවිහාරයට අයත් සීමාව තුළ පිහිටි ජෝති වනයෙහි ආරාමයක් ඉදිකර එය සාගලිකතිස්ස තෙරුන්ට පූජා කලේය . ජේතවන විහාර සම්ප්‍රදායේ ආරම්භය සිදුවූයේ එලෙසයි.
භික්ෂුව සහ රජු
අභයගිරිය සහ ජේතවන විහාරවල උපත දෙස බලනවිට භික්ෂුව හා රජු අතර තිබූ සම්බන්දය ඔබට වටහෙනවා නොඅනුමානයි. ඓතිහාසිකව ගත්කල වඩා වැදගත් භික්ෂුවද රජුද යන ප්‍රශ්නය දැන් ඔබ ඉදිරියයේ ඇත. ඓතිහාසික කරුණු නිවැදිව පෙලගස්වා කිරා මැන බැලීමකින් පසු මේ ප්‍රශ්නයට උත්තර හොයා ගනීම අපහසු නොවේ. මගේ උත්තරය ඔබේ උත්තරය නොවන්නට පුළුවන. එසේ වීමටද අව්ශ්‍ය නොවේ. අපි එකිනෙකාගේ ඥාණ විභාගයන් (Epistemology) එකිනෙකට වෙනස් වේ.
10 වන ශතවර්ශයේ අගභාගය වනවිට අනුරාධපුරයේ ඉඩම්වලින් වැඩි ප්‍රමානයක්, එවකට් සිටි රජවරු ඇමතිවරු ආරාමවලට පූජාකර තිබුනි. මුළු ඉඩම් ප්‍රමානයෙන් 20%- 40% පමන වෙතැයි විශ්වාශ කෙරේ.මේ පූජාවන් බොහොවිට සිදුවූයේ පොදු සංඝයා වෙනුවෙනි. ( අගත අනගත පච්චුප්පන්න භික්ඛුනා ) එහෙත් පොලොන්නරු යුගයේදී විහාර පරිපාළනයට භික්ෂුවක් නම් කිරිමේ අවශ්‍යතාවය ගැන සාකච්චාවක් ඇතිවිය. පංසලේ අධිපතිකම ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට යාමේ ආරම්භය මෙතැනයි. එම තනතුර අද වෙනවිට, උභය විහාරාධිපති, විහාර ත්‍රිත්වයේ අධිපති යනාදී වශයෙන් විහාරමාලාවක අධිපතිකම කියාපාන සමාජ බ්ලයේ මිනුම් දණ්ඩකි.
පූජාකල විහාර පාළනය වූයේ කොහොමද?
මේ විහාරාමවල ක්‍රියාකාරිත්වය ආකාර කීපයකින් සිද්ද විය
1. බණ්ඩාර පරවෙනි ක්‍රමය. රජතුමා විසින් කෙලින්ම පූජාකිරිම හදුන්වන්නේ මෙනමිනි. මෙහිදී ආරාමයේ සම්පූර්න අයිතිය පංසල සතුය. මෙහිදී බොහෝවිට සිදුවූයේ විශාළා කුඹුරු, වැව් ඇමුනු, වනාන්තර සහ පර්වත පූජා කිරීමයි. විහාර නින්දගම් කියන්නේත් මේ ක්‍රමයටම කියන තවත් නමක්.
2. ප්‍රවේනි ක්‍රමය. මෙහිදී සිදුවූයේ මුළු ගමක්ම පංසලට පූජා කිරිමයි. එවිට ඒ ගමට අයිති සියළු දෙවල් වලින් කොටසක් පංසට පූජාකළයුතුය. මේ අතර ගොඩ ඉඩම් , මඩ ඉඩම් , උයන් වතු, වැව් අමුනු ඇළදොල යනාදි සියන්ලෙන් කොටසක් පංසලට දීම අනිවාර්යක්. උදාහරණ වශයෙන් මඩ ඉඩමක නම් , වී අස්වැන්නෙන් පොරොන්දූ වූ පරිදී යම් ප්‍රමානයක් විහාරයට දිය යුතුයි.පැරණි භාසාවෙන්ම කියනවා නම් වී පෑලක් හෝ වී අමුනක් වැනි ප්‍රමානයක්.
3. පංගු ක්‍රමය. මේ ක්‍රමය යටතේ ඉඩමක හෝ දේපොළකින් ලැබෙන අස්වැන්න හෝ අදායම විහාරස්තානයට සම්බන්ද විවිධ කන්ඩායම් අතරේ බෙදී යන ක්‍රමයක්. ඒ අතර විශේෂ වන්නේ පහත සදහන් කණ්ඩායම්
* විහාරාධිපති
* උප විහාරාධිපති
* ප්‍රාදේශීය විහාරාධිපතිවරු
* බස්නායක නිලමේ
* බෙරවයන්නා
*මල් නෙලන්නා
* නවන්දන්න ( පෙදරේරු හෝ ගොඩනගිළි වැඩ කරන්නා)
* රජකයා ( රෙදිසෝදන්නා
* කපුවා
*නැකතියා ( නැකත් ශාස්ත්‍රය) යනාදීන්.
ලංකවෙ සාසනික සම්ප්‍රදාය ඇතුලේ ක්‍රියාත්මක වූ මේ ක්‍රමය ප්‍රවේනිදාස ක්‍රමයේ සහ රදළ ක්‍රමයේම තවත් ආකාරයක්. ක්‍රි:ව 8-9 වාගේ කාලයේ යුරෝපයේ පැවති රදළ හෝ Feudal සිස්ටම් එක 19 සියවස වනවිට අහෝසි වෙනවා. ඉන්දියාවේ මෙය කුල ක්‍රමය මත පදනම් වූ (වර්ණාශ්‍ර ධර්ම )රාජකාරි ක්‍රමයක්. 19 වෙනි ශත වර්ශය වනවිට යුරෝපයේ රදළ ක්‍රමය අභාවයට යනවා. බ්‍රිත්‍යය පාළකයන් ලංකාවේ රාජකාරි ක්‍රමය, බලහත්කාර සේවා සහ පරම්පරාගත බැදීම් සම්ග තිබූ ජීවන උපාය මාර්ග ආදිය අහෝසි කරන්න ගත්ත තීරනය ඉතා වැදගත්. එහෙත් උඩරට භික්ෂුව දේපොළ මත පවත්වාගෙන ගිය අධිකාරිත්වය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නට බ්‍රිත්‍යානය යටත් විජිතයටවත් පුළුවන් කමත් තිබුනේ නැත. 1830 ගනන් වල හදුන්වදුන් කොල්බෘක්- කැමරන් ( Colebrook-camron) ප්‍රතිසංස්කරන හරහා බ්‍රිත්‍යයන් අපේක්ෂා කලේ බෞද්ධ භික්ෂුන්ට ඉඩම් සමග ති බු අධිකාරි බලය අහෝසි කිරිමයි. ඔවුන්ගේ අරමුන භික්ෂුන්ගෙන් පළිගැනීම නොව මේ අතිවිශාල ඉඩම් ආර්තික වාසි ලබාගත හැකි ක්‍රමවේදයක් වෙතට තල්ලු කිරීමයි.මේ අනුව ඇතම් බෞද්ධ දේපොළ පුද්ගලික සමාගම්වලට පවරාදීමත්, නව බදු ප්‍රතිපත්තියක් හදුන්වා දීමත් සිදුවිය. එහෙත් භික්ෂුව ඉඩම් සමග තිබුනු බැදීම සහමුලින්ම අහෝසි කරන්නට නොහැකි වූ බව මහාචාර්ය හෑන්ස් ඩයටර් පෙන්වා දෙනවා. . මීට හොදම උදාහරනය තමයි කෝල්බෘක් - කැමරන් ප්‍රති සංස්කරන ගෙනාපු වෙලාවෙ ක්‍රිස්තියානි මිෂනාරින් හදුන්වාදුන් යෝජනාව, "Idolatrous Religous Unity" කියන සංකල්පය. බුද්ධාගමේ හින්දු ආගමේ ආදි ආගම්වල තියෙන්නේ පිළිමවලට සහ දේවරූප වලට වන්දනා කිරීමේ පිළිවෙතක්. අලුත් යෝජනාවලින් කෙරෙන්නේ පූජනීය ඉඩම් හෝ අනෙක් පූජනීය යැයි සලකන දෑ ප්‍රතිසංකරන වලට යටත්වෙන විට , එකී ආගම් අදහන්නන්ගේ අධ්‍යාත්මයට දැනෙන්නේ අතිශය සංවේදී හැගීමක්. එය ආගමික් සහජීවයට බාධාවක්. මිෂනාරින් පෙන්වාදුන් අනෙක් කරුන වූයේ, 1815 උඩ රට ගිවිසුමෙන් පොරොන්දු වූ බුද්ධාගමෙ ආරෂා කරනවා යි වූ පොරොන්දුවයි. මෙවැනි හේතුන් නිසා කෝල්බෘක් -කැමරන් ප්‍රති සංස්කරන ක්‍රියාත්මක කිරීමට හැකි වුයේ අඩකටත් වඩා අඩු ප්‍රමානයකි.
සාසනික රදළවාදය.
ප්‍රජාත්‍රන්ත්‍රවාදය, නිළධාරිවාදය, කාර්මික විප්ළවය ආදිය ගැන සාකච්ඡා කරලියට එන්නේ 17 ශතවර්සයේදි. මේ සාකච්ඡාවල අරමුන සමාජය වෙනස් කිරීමයි. එහෙත් ලංකාවෙ සංඝ සංස්තාවට මේ වෙනස්කම් එක්ක සමගාමිව ඉද්රියට යන්න අව්ශ්‍ය නොවීය. ඔවුන්ට අවශ්‍යවුයේ ප්‍රභූ ඉඩම් හිමි රදළ පැළැත්තියක් ලෙස දිගටම රැදී සිටීමයි. මේ දේපොලවලින් ලබුනු මුදල් ඔවුහු රිසි රිසි සේ පරිභෝජය කළහ. බණ්ඩාරනයක ඝාතන නඩුවේදී බුද්ධ රක්ඛිත, බණ්ඩාරනයකගේ මැතිවරණා ව්‍යාපාරය සදහා මුදල් යහමින් වියදම් කල බව පිළිගත්තා. මේ විහාරවල නැති සැපතක් නැත. " සොදුරු පංසල්වල දෙව්ලොව නැති සැප විකිනෙන්නෙ" .
"දුව සමග නිදාගන්න දෙනවදැයි, හාමුදුරුවෝ මගෙන් ඇහැව්වා".
පල්ලේගම හාමුදුරුවන්ගේ මේ ප්‍රකාශය ගැන බෝහෝ අය විමතිය පලකර තිබුනා. හාමුදුරුනමක් දායිකාවකගෙන් මෙහෙම අහන්නේ කොහොමද? මූ මහ තිරිසනෙක් නේද ? යූ ටියුබ් කරන සහෝද්රවරු දීර්ග විවේචන ඉදිරිපත් කරනු දැක්කෙමි. ඔවුන්ගේ අදහස් දැක්වීම්වලද ඇත්තේ බෞද්ධ භික්ෂුවක් මෙහෙම අහන්නේ කොහොම්ද? බුද්ධ සාසනය මේ තරම් පිරිහුනේ කොහොමද? යන ප්‍රශ්ණාර්තයයි. එහෙත් යථාර්තය,අපි මතු පිටින් දකින දෙයට වඩා වෙනත් දෙයකි. මතුපිටින් පෙනෙන්නේ ආටෝප සාටෝපයන්ගෙන් ආළවට්ටන් දාපු මිරිගුවක්. මිරිගු විශ්වාස කරන්න අපි ප්‍රිය කරන්නෙමු. යථාර්තය හෙවත් ඇත්ත කතාව නීරසය. පහසුවෙන් අවබෝධ කරගත නොහේ. ලංකාවෙ නින්දගම් හිමි රජ ම්හා විහාරවලට ලැබෙන ආදායම් කිසිදාක විගනනයකට ලක්වී නැත. විගනනයට කරන්නට කොමිසමක් පත්කලේ බ්‍රිත්‍යය පාළන කාලයේදී පමනි. එහෙත් එයද 100% සාර්ථක වූ බවට සාක්ශි නැත. ඉතින් අද ලංකාවේ නින්දගම් හිමි රජමහා විහාරවල ක්‍රියාත්මක වන්නේ සාසනික රදළවාදයයි. පල්ලේගම හේමරතන කියන්නේ දඹුල්ලේ පල්ලේගම කරදගොල්ල වලව්වේ උපන් රදළයෙකි. ඔහු 1968 පැවිදිවෙන්නෙ ජීවීතයේ යථාර්තය අවබෝධ කරගෙන නිවන් දකින්නට නොව, රුවන්වැලි සෑයට අයිති නින්ගදගම්වල භාරකරු හැටියටයි. බුද්ධ ශාවකයා සහ රදළයා අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසකි. පල්ලේගම හේමරතන රදළයෙකි. ඉස්සර මිනිස්සු රදළයන් ආමන්ත්‍රනය කලේ හාමුදුරුවෝ කියලා . ඒ අර්ථයෙන් මමද හේමරතනට හාමුදුරුවෝ කියා කියමි.. හේමරතන හාමුදුරුවෝ පොලිස්පතිට කෝල්කල බව කියවේ. ඔහු පොලිස්පතිට කීවෙ මොකකද්ද? " මහත්තයෝ අපේ මල් අම්මාගේ දුව කොල්ලෙක් එක්ක පැනලා ගිහිල්ලා, තාම අවුරුදු 15 යි. අනේ ඉක්මනට හොයලා දෙන්න" . පොලිස් ලොක්කා වහාම ක්‍රියාත්මක විය. අත්තඩංගුවට පත් ළමයා ප්‍රශ්න කිරීම්වලදී දුන් උත්තර පොලිස් ලොක්කන්ගේ ඉහමොල රත්වන්නට පටන් ගත්තේය. හේමරතන හාමුදුරුවෝ "මල් අම්මා" කියන වචනය කියන්නේ ඇයි? මේක සාසනික රදළවාදයේ ප්‍රවේනි දාසින් හදුන්වන්නට යොදන නමක්.
A Sportsman's Sketches By Ivan Turganev. ක්‍රීඩකයකුගේ සටහන්.
අයිවන් තුර්ගනේව් කියන්නේ 19වෙනි සයවසේ රුසියාවේ සිටි සංචාරක ලේඛකයෙක්. ඔහූ කාන්තා පීඩනය ගැන, ප්‍රවේනි දාසයන්ට විදින්නට සිදු වූ කටුක අත්දැකිම් ගැන, රදළවාදයේ කෘරත්වය ගැන ලීවා.ඒවා එකතුකොට නිර්මානය කරපු කෙටිකත සංග්‍රහය තමයි ක්‍රීඩකයකුගේ දළ සටහන් කියන්නේ. ඔහූගේ කෘති රුසියානු සමාජය වෙනස් කිරීමට ප්‍රබල දායකත්වයක් ලබාදුන්නා. ඔහුගේ කෙටි කතාවක මෙහෙම සිදුවීමක් තියෙනවා. ඒක මගේ වචනවලින් මතක විදියට කියන්නම්.
විශාල ඉඩම් හිමි මහළු රදළයෙක් හැමදාම උදේට තම ඉඩම වටේ ඇවිදින්න පුරුදු වී සිටියා. දවසක් ඔහු ඇවිදගෙන යනවිට තරුණ ප්‍රවේනි දාස යුවලක් අතිනත අල්ලාගෙන ඔහු ඉදිරියට එමින් සිටියා. මහළු රදලයා සහ තරුණ යුවල ඔවුනොවුනට අභිමුඛ වූහ. නව යොවුන් වියේ සිටි තරුණිය දුටු මහල්ලාට ඇය සමග අභිරමණයේ යෙදෙන්නට සිතක් පහළ විය. මට උඹ එක්ක නිදිවදින්ඩ ඕනෑ යි, ඔහු ඇයට පෙම්වතා ඉදිරියේම කීවේය. මොහොතකින් ඇයව බලහත්කාරයෙන් ඇදගෙනගිය රදළයා ලගම තිබූ තුරු සෙවනක් යට වැලි තලාවක ඇය සමග අභිරමණයේ යෙදෙන්නට පටන් ගත්තේය. කොහොමහරි ,මේ මහළු දළයාගේ වෘෂණ කෝෂ අසාමාන්‍ය විදියට දිගයි. රති කෙලියේ යෙදෙනවිට ඒවා වැලි කැට මත ගැටී විශාල වේදනාවක් ගෙන දුන්නේය. පෙම්වතාද මේක දැක්කා. එහෙත් ඔහු දැක්කේ නෑ වගේ හිටියා. වේදනාව ඉවසන්නම බැරිතැන මහල්ල පෙම්වතා දෙස බලා, මහත් හඩින් කෑගසමින් මෙහෙම කීවා. "ඈ බොල මෝඩයෝ උඹට පෙන්නේ නැද්ද මගේ කෝෂ බිම වදිනවා. මේ දෙක ටිකක් උස්සලා අල්ලා ගනින්." රද්ළ ස්වාමියාගෙ අණ පිළිපදිනවා හැර වෙනත් කලහැක්කත් ඔහුට තිබුනේ නැත.
රදළයා සහ ප්‍රවේනි දාසයා අතර සම්බන්දය ඕකයි. ඉතින් හේමරතන රදළ හාමුදුරුවෝ අර මල් අම්මාගෙන් " දුව සමග නිදා ගන්න දෙනවාද" යි ඇහුවේ ඒ රදල මනෝභාවය නිසයි.
මූළාශ්‍ර: 1. එල්ලාවල මෙධානන්ද හිමි, සිංහලේ මහා රාජවංශේ 1.කොළඹ, දයාවංශ සහ සමාගම.(2006)
2. ' Monastic Landlordism in Ceylon: A traditional system in Mordern Setting', www.cambridge.org/ Accessed on 27th 26th May 2026.
3. Dhammika Himi, The Broken Budddha, ( 2004). (An Australian monk who spent 30 yeas in Srilanka, Thailand and Burma in search of Buddha.)
-සුගත් සෙනෙවිරත්න-

හොඳ ලිපියක් . මේකේ අනිත් බ්ලොග් වල නම් එල්ලුවොත් හොඳයි . හැමෝම ඇවිත් කමෙන්ට් කරලා යයි
ReplyDelete